Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භික්ෂූන් ගැන තීරණ ගැනීමේ බලය මහානායක හිමිවරුන් වෙත
    Featured

    භික්ෂූන් ගැන තීරණ ගැනීමේ බලය මහානායක හිමිවරුන් වෙත

    By LFNDecember 10, 2022No Comments1 Min Read318 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතට යෝජිත නව සංශෝධන මගින් ශාසන විරෝධීව හැසිරෙන භික්ෂූන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ සංඝ සභාවේ මහානායක හිමිවරුන්ට හිමිවන බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියන් පවසයි.

    ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර තිබුණි.

    බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සහ ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත් සඳහා ඉදිරි පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

    එමගින් කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් ගනුලැබූ තීරණයකට අනුව කිසියම් භික්ෂූන් වහන්සේ නමක් විසින් කටයුතු නොකරන අවස්ථාවකදී අදාළ සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමට නීතිමය ප්‍රතිපාදන හිමිවී තිබේ.

    ඊයේ (09) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා ඊට අදාළ කරුණු පැහැදිලි කර තිබුණි.

    එහිදී අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි,

    “යම් යම් සටන්කාමී තරුණ භික්ෂූන් කටයුතු කරපු ආකාරය දිහා බලලා මේ ගැටලුවලට විසඳුම් හොයාගන්න අමාරුයි.ඇතැම් භික්ෂූන්වහන්සේ හදි හූනියම් කරමින්, වෂී ගුරුකම් කරමින්, පුවත්පත්වල දැන්වීම් පළකරමින් කටයුතු කිරීම නිසා ශ්‍රද්ධා සම්පන්න ජනයාගේ සිත් තැලෙන සිදුවීම් වෙලා තිබෙනවා. රත්‍රං පොලු කතන්දර නොයෙක් දේවල් තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 2025

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,379 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු

    October 25, 20250135 Views

    ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ…

    දොලවත්තගෙන් විපක්ෂයට අභියෝගයක්

    October 25, 2025

    වයෝවෘධ කාන්තාවක්ව දූෂණය කර මරා දාලා

    October 25, 2025

    වැලිගම සභාපතිට කාඩ් එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්

    October 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.