Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට තුළ පවතින තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
    Featured

    රට තුළ පවතින තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    By LFNDecember 7, 2022No Comments2 Mins Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම කෙරෙහි බලාපොරොත්තු තබාගත හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    “මීළඟ වැදගත් පියවර වන්නේ අපේ ද්විපාර්ශ්වික ණය හිමියන් මුල්‍ය සහතියක් ලබාදීම සඳහා එකඟකරවා ගැනීමයි. එයයි අපි සිදුකරමින් සිටින්නේ. මම හිතන්නේ අප එහිදී හොඳ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම පැරිස් සමාජය සහ ඉන්දියාව අපට මෙහිදී සහාය වෙනවා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි චීනය සමග සාකච්ඡා ආරම්භ කෙරුණේ මදක් ප්‍රමාදවෙලා. කලින් අපේ ඉලක්කය වී තිබුණේ මූල්‍ය සහතිකය නොවැම්බර්යේදී ලබාගන්න. ඒ අනුව මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බරයේ ලබාගන්න අප ඉලක්ක කරගෙන තිබුණා.”

    “එය මේ අවස්ථාවේදී සිදුවෙන්නේ නැහැ. ඒ චීනය සමග ඇතිවූ යම් ප්‍රමාදයක් නිසා. දැන් අපි අවධානය යොමුකරන්නේ ලබන ජනවාරියේ මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නයි. මේ මාසය තුළ චීනයේ මුල්‍ය සහතිකයක් ලැබෙනවා නම් අපට එය සිදුකළ හැකියි. අපට විශ්වාසයි මේ තත්ත්වය කළමනාකරණය කළ හැකි බවට.”

    මේ අතර බීජිං නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාවෝ නින් මෙලෙස අදහස් පළකර තිබුණි.

    “චීනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමග දිගුකාලීන ශක්තිමත් සහයෝගීතාවක් පවතිනවා.

    ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළව ප්‍රකාශ කළ හැකි යමක් වේ නම් ඉදිරියේදී දැනුම්දීමට චීන විදේශ අමාත්‍යාංශය සූදානම්. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය සැලකූවිට මට කිව හැක්කේ, ශ්‍රී ලංකාවේ දුෂ්කරතා සහ අභියෝග චීනය ඉහළ වැදගත්කමකින් යුක්තව සලකාබලන බවයි.

    ශ්‍රී ලංකාවට මෙම අර්බුදය නිසි පරිදි විසඳාලීම සඳහා කටයුතු කරන මූල්‍ය ආයතනවලට චීනයේ සහාය හිමිවනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට වත්මන් දුෂ්කරතාවන්ගෙන් මිදී තිරසාර සංවර්ධනයක් ඇතිකර ගැනීම උදෙසා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය චීනය සමග ඵලදායී අන්දමින් කටයුතු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    රුපියල් මිලියන 556ක අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසියට

    February 19, 20260101 Views

    රුපියල් මිලියන 556ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය…

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක් – භෝජන සංග්‍රහයකටත් එක්වෙයි

    February 19, 2026

    පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

    February 19, 2026

    2025දී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට

    February 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.