Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිඹුලාගල සෙනසුනට ලක්ෂ 12ක විදුලි බිලක්
    Featured

    දිඹුලාගල සෙනසුනට ලක්ෂ 12ක විදුලි බිලක්

    By LFNDecember 6, 2022No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කරන ලද විදුලිය නැවත දුන්නද රුපියල් දොළොස් ලක්ෂ දොළොස් දහස් පන්සිය හැට පහයි ශත අසූඅටක මුදලක් හා ඇමුණුම් ගාස්තු වශයෙන් රුපියල් 3,000ක මුදලක් නොගෙවුවහොත් මේ මස 14 වැනිදා යළි විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය ලිපියකින් දැනුම් දී ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාමියෝ සඳහන් කළහ.

    ආරණ්‍ය සේනාසනයේ විදුලිය ඉකුත් 27 වැනිදා විසන්ධි කළ අතර ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතින් අනාවරණය කිරීමෙන් පසු බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී දැඩි කතාබහට ලක්වීමෙන් පසුව 28 වැනිදා විදුලිය නැවත ලබාදීමට කටයුතු කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉකුත් සැප්තැම්බර් මස විදුලි බිල ලෙස රුපියල් හයලක්ෂ හැත්තෑ දහස් තුන්සිය අසූවක් බවත්, ඒ අනුව ඉකුත් 28 වැනිදා විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම විදුලි බිල ගෙවීමට දින දාහතරක සහන කාලයක් ලබාදුන් බවත් ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය එවා ඇති ලිපියේ සඳහන් වේ.

    ලංකා විදුලිබල මණ්ඩලය මින්නේරිය ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්ලිව්.එම්.ඩී. නිසංසලා මහත්මියගේ අත්සනින් යුතුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත එම ලිපිය යොමු කර ඇති බව රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

    දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පුණ්‍යභූමියක් කොට සලකමින් හා අපවත් වී වදාළ මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් ශාසනයට ආගමට ජාතියට ඉටුකරන ලද සේවයට ගෞරවයක් වශයෙන් විහාරස්ථානයට නොමිලේ විදුලිය ලබාදුන් බවය.

    හිටිහැටියේ විදුලිය විසන්ධි කිරීම බරපතළ අර්බුදයක් බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    මෙම පිළිබඳව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන් සමග සාකච්ඡා කර යම් තීරණයක් ගන්නා තුරු සේනාසනයේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම විදුලිබල අමාත්‍යවරයාගේ ද දැඩි අවධානයට යොමුකරන ලෙසත් රාහුලාලංකාර නාහිමියෝ ඉල්ලීමක් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 202503 Views

    යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන්…

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.