Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහල් ආනයනය නතර කළොත් වී 125ට ගන්නවා
    Featured

    සහල් ආනයනය නතර කළොත් වී 125ට ගන්නවා

    By LFNDecember 6, 2022No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය පිටරටින් සිදුකරණ සහල් ආනයනය නතර කළහොත් ගොවියාගේ වී සාධාරණ මුදලකට මිලදීගත හැකි බව නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා පවසයි.

    එසේ වුවහොත් රුපියල 125ක් වැනි මිලකට වී කිලෝවක් ගොවීයාගෙන් මිල දී ගත හැකි බවද ඒ මහතා පැවසීය.

    වී මිල ගැටලුව පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නිව් රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා,

    “අපේ රටට විශාල වශයෙන් සහල් විදේශ රටවල්වලින් ගේනවා. ජනවාරි මාසේ 15 වැනිදායින් පසු විශාල වී අස්වැන්නක් අපිට එනවා. ඒ නිසා රජයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ සහල් ගේන එක නවත්වන්න. එහෙම කළොත් එන මාස් කන්නයේ රුපියල් 100කට වාගේ මිලකටවත් ගොවියාගෙන් අපි වී මිලදී ගන්න සැලසුම් කරන්න ඕනේ.”

    මාධ්‍යවේදියා – ඇත්තටම ඔබතුමාලා ගන්නේ කීයටද?

    “90ත් 100ත් අතර අපි වී කිලෝව ගන්නවා මේ වෙලාවේ. රටෙන් ගේන එක නැවැත්වුවහොත් අපට ගොවියාට රුපියල් 120 ක් 125ක්වත් දීලා සමාන්‍යයෙන් පාරිභෝගික ජනතාවටත් සාධාරණ මිලකට සහල් ටික ගන්න අපිට පහසුකම හදන්න පුළුවන්. හැබැයි මම කෘෂිකර්ම ඇමතිට ස්තූතිවන්ත වෙනවා. මේ රටේ ගොවි ජනතාව ගිය කන්නේ රුපියල් 40,000ට තමයි පොහොර ගත්තේ. නමුත් එතුමා මැදිහත්වෙලා මේ සැරේ පොහොර රුපියල් 10,000ට දුන්න නිසා සියලුම පළාත්වල ඉතාම සාර්ථකව වී වගාව කරලා තියෙනවා. දැන් පාලන මිල 220 වුණාට ඊට අඩුවෙන් සහල් තියෙනවා. ඒ නිසා කිසිසේත්ම සහල් මිල ඉදිරියේදී වැඩිවෙන්නේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.