Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණයින් දෙදෙනෙක් ට ජීවිත අහිමි කළ මාරක අනතුර
    Featured

    තරුණයින් දෙදෙනෙක් ට ජීවිත අහිමි කළ මාරක අනතුර

    By LFNDecember 5, 2022No Comments1 Min Read224 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාදුක්ක – කොළඹ මාර්ගයේ ලියන්වල තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී සිදුවු මාරක අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මියගොස් තිබේ.

    ධාවනය වෙමින් තිබූ බස් රථයකට ඉස්සර කිරීමට ගිය මෝටර් රථයක, යතුරු පැදියක් ගැටීමෙන් ඊයෙ (04) සවස එම අනතුර සිදුව තිබුණි.

    අනතුරින් මියගිය තරුණයින් දෙදෙනා මීගොඩ දෙසට ගමන් කරමින් සිටියදී පාදුක්ක දෙසට පැමිණි මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදියෙහි ගැටී අනතුර සිදුවූ බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය විය.

    අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන විටද මිය ගොස් සිටි බවත් මෝටර් රථයෙහි ගමන් ගත් යුවළක්ද රෝහල් ගත කර ඇති බවත් මීගොඩ පොලීසිය පැවසීය.

    මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 22ත් 24ත් වන තරුණයින් දෙදෙනෙකි.

    අනතුර සිදුවන අවස්ථාවේදී තද වැසි සහිත කාලගුණයක් පැවති ඇති අතර, අනතුර සිදුවු අවස්ථාවේ දී යතුරුපැදිය මීටර් 25ක් පමණ දුරකට විසි වී ගොස් තිබූ බව ද පොලීසිය පවසයි.

    අනතුරට සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 2025

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    භාවිතයෙන් ඉවත් කළ යුද්ධ හමුදා වාහන 76ක් නවීකරණය කර නැවත සේවයට

    October 24, 202503 Views

    යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්කර තිබූ වාහන 76ක් යුද්ධ හමුදාධිපති ලුතිනන්…

    රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නියෝගයක්

    October 24, 2025

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.