Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක්
    Featured

    දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක්

    By LFNDecember 3, 2022No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    sinhala.adaderana.lk Logo
    ENGLISH
    தமிழ்

    දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක්
    දෙපාර්තමේන්තුවකට මිලියන 68 ක පොල්ලක්
    December 3, 2022 07:28 am

    ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 68 ක මුදලක් අය විය යුතුව පවතින බව වාර්තාවේ.

    ගබඩා පහසුකම් ලබාගෙන මුදල් නොගෙවූ ආයතන 6කට සහ මේ වනවිට ගබඩා පහසුකම් ලබාදී ඇති ආයතන දෙකකට එරෙහිව නඩු පවරා ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය.

    එම දෙපාර්තමේන්තුව සතුව පවතින ගබඩා 120 න් 57 ක් රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෙත ලබාදී ඇති අතර ගබඩාවල ආහාර සංචිත නොමැති වුව ද ඔවුන් ලබාගෙන ඇති ගබඩා සඳහා වන හිඟ මුදල් ගෙවීම අනිවාර්ය වේ.

    පසුගියදා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත්කළ විගණන වාර්තාවකට අනුව රුපියල් කෝටි 12 කට ආසන්න හිඟ මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත අය විය යුතුව පැවතුණි.

    ඊට අදාළව හිඟ මුදල් ගෙවීමට ඇති ආයතන කෝපා කමිටුව වෙත කැඳවා තිබු අතර එහිදී අදාළ ආයතන දැනුවත් කිරීමෙන් අනතුරුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ගබඩා පහසුකම් ලබාගත් ආයතනවලින් හිඟ මුදල් ගෙවීම සිදුකර තිබේ.

    කෙසේවෙතත් ගබඩා පහසුකම් ලබාගත් තවත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයකින් හිඟ මුදල් අය විය යුතුව පවතින අතර ඒ පිළිබඳව අදාළ ආයතන වෙත දැනුම්දීමට පියවර ගෙන ඇති බවත් ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා සඳහන් කළේය.

    මේ අතර ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට හිමි වූ සහල් මෙට්‍රික් ටොන් 4,000 ක්, පරිප්පු මෙට්‍රික් ටොන් 6,000 ක් සහ තායිලන්තයෙන් හිමිවූ සහල් මෙට්‍රික් ටොන් 1,000 ක් මේ වන විට ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා සතුව පවතී.

    එම භාණ්ඩ අලෙවි නියෝජිතයින් හරහා දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයින් වෙත ලබාදිම සිදු කෙරෙන බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.