Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චීනයෙන් තවත් පරිත්‍යාගයක්
    Featured

    චීනයෙන් තවත් පරිත්‍යාගයක්

    By LFNNovember 30, 2022No Comments2 Mins Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ ඩො මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

    ඔහු තවදුරටත් පවසන්නේ කටකතාවල සඳහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති බවය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබඳව පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

    තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1න් ඉතිරි ඩොලර් මිලියන 35ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව අනාවරණය කළේ පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදීය.

    පෞද්ගලික රෝහල්වල අධික ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානය යොමු කළහ.

    රජයේ රෝහල් නිසි පරිදි නඩත්තු නොකිරීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් පෞද්ගලික රෝහල්වල සේවය ලබාගැනීමට රෝගීන්ට සිදුව ඇති බව මන්ත්‍රීවරු මෙහිදි ප්‍රකාශ කළහ.

    අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ වත්මන් ආර්ථිකය හමුවේ මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට තවදුරටත් පෞද්ගලික රෝහල් පහසුකම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රජයේ රෝහල් වෙත යොමුවන පිරිස ඉදිරියේදී ආසන්න වශයෙන් 25% – 30% අතර ප්‍රමාණයකින් වැඩි වන බවය.

    තවද, තාක්ෂණික වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ස්ථාන මාරුවීම්වලට අදාළ ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය.

    තාක්ෂණික වෛද්‍ය කාර්ය මණ්ඩලය තම ගම්බිම්වලින් දුරබැහැර ප්‍රදේශවල රාජකාරීයේ නිරතවන බැවින් විශේෂයෙන් ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණදෙන බව මෙහිදී සාකච්ඡා විය.

    මේ පිළිබඳව සොයා බලා පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.