මහව ඉරිබිස්ස වැව් තාවුල්ලේ ගසක එල්ලි ගෙල වැළලාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහව ප්රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය සඳහන් කළේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පසුගිය 24 වනදා පොල්පිතිගම ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ සැකකරු බවය.
මෙම පුද්ගලයා ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා බවටද අනාවරණය වී තිබේ.
මහව පොලීසිය වැඩදුර පරීක්ෂණ සිදුකරයි.