රජයෙන් නිකුත් කරනු ලබන MOP පොහොරවලට (රතු කුඩු) ප්රමිතියෙන් බාල ලුනු කුඩු මිශ්රකර ඒවා පොහොර ලෙස අලෙවිකිරීම සඳහා සකස් කරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නින්දවූර් අට්ටපලම් ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී පොහොර කිලෝ ග්රෑම් 38,650ක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් විසින් සකසන ලද බාල තත්ත්වයේ පොහොර නැවත් රජයේ ඇසුරුම්වලට ඇසුරුම් කර තිබු බවය.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අම්පාර දිස්ත්රික් කාර්යාලයට භාරදුන් බව පොලීසිය පැවසීය.