Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම දිර්ඝ කෙරේ
    Featured

    කබ්රාල් ට එරෙහි විදෙස් ගමන් තහනම දිර්ඝ කෙරේ

    By LFNNovember 24, 2022No Comments1 Min Read233 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පවා පණවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    අදාළ පුද්ගලික පැමිණිල්ල අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළේය.

    එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 15 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළේය.

    දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණි.

    2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.