වෙළෙඳපොළේ ක්ෂණික ආහාර වර්ගවල මිල වැඩිවීමත් සමග දරුවන්ගේ ක්ෂණික ආහාර භාවිතය ඉතා අඩු වී ඇති බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ක්ෂණික ආහාර වර්ග පරිභෝජනය අවම වීමෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැලදුණු දරුවන් වාර්තා වීමේ විශාල අඩුවීමක් වර්තමානයේ දක්නට ලැබෙන බවයි.
මෙරට සෑම නිවසකම පෝෂණය සහ ආහාර සුලබතාවය සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමට රජය තීරණය කර තිබේ.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ අරමුණින් ලබන මාසයේ සිට එම දත්ත රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බව වෛද්‍ය පර්යේෂණායතනයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වැඩිදුරටත් පැවසීය.