Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025

    බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ බැංකු අධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
    Featured

    මහ බැංකු අධිපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

    By LFNNovember 20, 2022No Comments2 Mins Read273 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    මාතර පැවැති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගන්නා අපහසු තීන්දු තීරණ පිළිබඳ ජනතාව තේරුම් ගනු ඇති බවට විශ්වාස කරන බවය.

    මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබුණු උත්සවයකට, එම විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (19) සහභාගි වුණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,

    “රටක ආර්ථිකය මෙහෙයවීම වුණත් මම දකින්නේ, තීරණ ගන්න අය, ප්‍රතිපත්ති ගන්න අය නියමාකාරයෙන් දක්ෂකම ඇති සුදුසු කෙනෙක් ඒ ස්ථානවල කාලයක් තිස්සේ ක්‍රියාකරගෙන යනවා නම්, අපි මේ තත්ත්වයට පත් නොවෙන්න තිබුණා. සුදුස්සාට සුදුසු තැන ලැබිලා තමයි දියුණු රටවල් දියුණු වෙන්නේ. එහෙම නැතුව සුදුස්සාට සුදුසු තැන නොලැබෙන දක්ෂයාට දක්ෂකම් අනුව තරගකාරීව ඉදිරියට යන්න බැරි සමාජයක ඒක සාර්ථක වෙන්නේ නෑ. මහ බැංකු අධිපති වශයෙන් මට කියන්න ඕනේ එක දෙයයි. අපි ඉන්නේ ඉතාම අමාරු කාලෙක. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම පහසු නැහැ. අමාරු තීරණ ගන්න වෙනවා. හැබැයි ඒවා ඒවා ජනප්‍රිය තීරණ නෙවෙයි. අමාරු තීරණ ගද්දී යම් කොටසකට පීඩා එයි. ඒ පීඩාව තුළින් යම් ආකාරයක දෝෂාරෝපණ ඒ තීරණ ගන්න අයට එන්න පුළුවන්. නමුත් මොන තරම් දෝෂාරෝපණ ආවත් තමන් ගන්න තීරණ නිවැරදි නම් ඒක නම් කළ යුතු හරි දේ මම හිතන්නේ සුදුස්සෙක් හා දැනුම තියෙන කෙනෙක් නම් ඒවට නොනැමි හරි දේ කිරීමේ හැකියාව හා ඒ පන්නරය තියෙන්න ඕනේ. යම් ආකාරයක ප්‍රතිපත්ති හා තීරණ ගන්න අයට. ඒ නිසා තමා මං බලාපොරොත්තු වෙන්නේ එහෙම ක්‍රමවේදයක් තුළ දී ජනතාව තේරුම් ගන්න ඕනේ. කෙටි කාලීනව අමාරුකම් තිබුණත්. කරන්නේ අමාරු දේවල් වුණත් ඒවා කළ යුතු දේවල්. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් ගොඩ ඇවිල්ලා යම් ආකාරයකට රට යථාතත්ත්වයට ස්ථාවර කරලා පසුව රටේ හැමෝටම යම්කිසි මීට වඩා යහපත් අවස්ථාවක් ලබාගන්න පුළුවන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025

    බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

    December 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 20250111 Views

    දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ…

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025

    බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

    December 8, 2025

    පාර්ලිමේන්තුව කැඳවන්නැයි නාමල්ගෙන් ඉල්ලීමක්

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.