අද දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය.
මේ අතර සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.
මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිරට බරව වයඹ දෙසට ගමන්කරමින් නොවැම්බර් 20 සහ 21 වනවිට ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගම්න්කිරීමෙන් වැඩි හැකියාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.