Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසැල් සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකුට ඇප
    Featured

    පාසැල් සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකුට ඇප

    By LFNNovember 16, 2022No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ ප්‍රසිද්ධ පාසලක 06 වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරයෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවට පමුණුවන ලැබුවා.

    සැකකාර ගුරුවරයා විසින් සිදුකළ අමානුෂික පහරදීම හේතුවෙන් තම දරුවා වමනය කිරීමට පටන් ගත් බවත් ඉන් අනතුරුව රෝහල් ගත කර නේවාසිකව ප්‍රතිකාර ගත් බවත් එම දරුවාගේ දෙමව්පියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

    එම පහරදීම් හේතුවෙන් දරුවාට අභ්‍යන්තර තුවාල සිදුවී ඇති බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි ද දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කුමාර වෙල්ගම මහතා සදහන් කළා.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාර ගුරුවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.