Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයට පෙර සැකකරු ගත් ඡායාරූප සහ තොරතුරු අනාවරණය වේ

    April 30, 2026

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ධනුෂ්කගේ නඩුවට සල්ලි තියෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
    Featured

    ධනුෂ්කගේ නඩුවට සල්ලි තියෙනවා – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

    By LFNNovember 15, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව සඳහා වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවට පසුගියදා පළවු මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසයි.

    ඔහු පැවසුවේ පළමුවෙන් ධනුෂ්ක ගුණතිලක බේරා ගැනීම සඳහා කටයුතු කළයුතු බවය.

    පසුව ඔහුගෙන් අදාළ පියවා ගැනීම් සිදුකිරීමට හැකි බවත් ඒ මහාතා පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    “මම අඟහරුවාදාම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලයේ අනුමැතිය අරන් තියෙනවා අවශ්‍ය ප්‍රතිපාදන ලබලා දෙන්න. ඒ ළමයා බේර ගත්තට පස්සේ එයාගේ පෞද්ගලික වියහියදම් පියවා ගන්නට තියෙනවා නම් අපිට එතුමාගෙන් එක පියවා ගන්න පුළුවන්. ඒ ළමයින්ගේ සල්ලි අපි ගාව තියෙනවා. කොන්ත්‍රාත් ගිවිසුම් සල්ලි. මැච් මනි. ඒවා ඔක්කොම අපි ගාව තියෙනවා. මේ සේරම හරි ලස්සනට අපිට පියවා ගන්න පුළුවන්. මේ පච ප්‍රචාර නැවැත්තුවොත් මේක හරි පහසු වෙනවා. හිටපු නායකතුමා එදා මීටිමේදී කිව්වා ලංකා කණ්ඩායම පාටි 16කට ගිහින් තියෙනවා කියලා. ක්‍රිකට් බෝඩ් එකෙන් කරේ එකයි. මැනේජරුත් ඇවිත් කියලා තියෙනවා එකයි කියලා. නෑ නෑ අපිට ආරංචිලු. කොහෙන්ද එතුමාට ආරංචි ඇවිත් තියෙන්නේ? දෙවැනි පාටිය පෙන්වන්න. හෙට මම යන්නන් අමාත්‍යාංශයට. අපිත් එක්ක තියෙන ඉරිසියාවට ක්‍රිඩකයින්ට ගහන්න එපා. ඒගොල්ලන්ට අපි නිදහසක් දීලා තියෙනවා. නිදහස හරි විදියට භුක්ති වීදිම ක්‍රීඩකයින්ගේ යුතුකමක්. එකට තමයි වෘත්තිමයභාවය කියන්නේ. එහෙම නොවෙන මිනිහට වැඩිදුරක් යන්නත් බෑ.”

    මේ අතර කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ධනුෂ්ක ගුණතිලක සිය දෙවෙනි ඇප අයදුම්පත නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

    එම ඇප අයදුම්පත දෙසැම්බර් 08 වනදා සලකා බැලීමට නියමිතය.

    කෙසේ වෙතත් සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තාකර ඇත්තේ එදිනට පැවැත්වෙන ඇප අයදුම්පත සලකා බැලීම විනාඩි 30කට සීමා වන අතර එහිදී ධනුෂ්කට ඇප ලබාදීම අවදානමක් ද යන්න පමණක් සලකා බැලෙන බවට නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ සොලිසිටර්වරයා පවසා ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026

    ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා – ඉරාන්

    April 30, 2026

    කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයට පෙර සැකකරු ගත් ඡායාරූප සහ තොරතුරු අනාවරණය වේ

    April 30, 202601 Views

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට දැරූ අසාර්ථක උත්සාහයට සම්බන්ධ සැකකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර…

    වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්

    April 30, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026

    අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට

    April 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.