Close Menu
Lanka Focus News
    What's Hot

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 2026

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්
    Local News

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    By LFNSeptember 25, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

    ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (24) රාත්‍රී 10.00ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වේ.

    ඒ අනුව, උතුරු ආන්ද්‍ර ප්‍රදේශයට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර ඇති අතර, අද පස්වරු 5.30 වනවිට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,150ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඉදිරි පැය 6 තුළ එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

    මේ අතර, අනතුරු ඇඟවීමේ කලාප ලෙස නම් කර ඇති මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර, සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බව දැනුම් දී තිබේ.

    එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසද උපදෙස් ලබාදී ඇත.

    තවද, උතුරු අක්ෂාංශ 12°ත් 22°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 82°ත් 90°ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    එම මුහුදු ප්‍රදේශවල මේ වනවිටත් ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා ඇත්නම්, වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද උපදෙස් ලබාදී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,471 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,423 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 202603 Views

    බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද…

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.