බටහිර කොලොම්බියාවේ සිදුවූ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 570කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම භූකම්පනය වසර ගණනාවකට පසු එරටට බලපෑ විශාලතම භූකම්පනය වන අතර මේ වන විට රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
රික්ටර් මාපක 7.4 ක ප්‍රබලතාවයෙන් යුතු මෙම භූකම්පනය චොකෝ (Chocó) පළාතේ කිලෝමීටර් 103 ක (සැතපුම් 64 ක) ගැඹුරකින් සිදුව බව එරට භූ විද්‍යාත්මක සේවය සඳහන් කර සිටී.
මේ අතර, පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගැණුනි.
භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කර සිටී.
එමෙන්ම අසල්වැසි වෙනිසියුලාවේ ටචිරා ප්‍රාන්තය සහ බැරිනාස් හා බාර්කිසිමෙටෝ ඇතුළු ප්‍රදේශවලටද මෙම භූකම්පනය දැනී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සඳහන් කර ඇත.
