Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
    Local News

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    By LFNJuly 26, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ අදාළ සිද්ධියේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු නවගමුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

    මෙම සිද්ධියේ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවත් ඔහු මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැන්නූ සිද්ධියේ සැකකරුවෙකු බවද සඳහන් වේ.

    ඊයේ රාත්‍රි 7.45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

    වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අවුරුදු 55ක පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොස් මල්ලී නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් බවට වාර්තා වන අතර ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ.

    වෙඩි ප්‍රහාරයෙන් පසු සිද්ධිය සම්බන්ධව බොරලැස්ගමුව පොලීසිය, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කර තිබු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202600 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.