Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්
    Local News

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    By LFNJune 15, 2026No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETC (Electronic Toll Collection) මගින් සිදු කිරීමේදී සේවාව ලබා ගැනීම තව දුරටත් පසු කිරීමට මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ අනුව මෙම පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම් අද (15) දිනයේදී සිදුවිය.

    කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETCමගින්ද සිදුකිරීමේ පහසුකම් ලබාදී ඇති අතර ETC පහසුකම් භාවිත කරන්නන් සඳහා ඇතුළුවීමට සහ පිටවීමට වෙන්වූ වෙනමම ස්ථානයක් ඇති අතර, එය භාවිතයෙන් ප්‍රමාදයකින් තොරව ඇතුළුවීමේ සහ පිටවීමේ පහසුකම් ද සලසා දී ඇත.

    එසේම ETC පහසුකම් භාවිත කරන්නන්ට සෑම ගමන් වාරයක් සඳහාම නියමිත ගාස්තුවෙන් 10% ක වට්ටමක් ද මෙහිදී ලබාදේ.

    මේ වනවිට පෑලියගොඩ, කෙරවලපිටිය, ජා-ඇල සහ කටුනායක හුවමාරු මධ්‍යස්ථානවලදී ETC මගින් ගෙවීම් කල හැකි අතර, ඉදිරියේදී කඩවත සිට පිටත වටරවුම් මාර්ගය හරහා කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන වාහන සඳහා ද කඩවත අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී මෙම පහසුකම ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

    මෙතෙක් ETC පහසුකම ලබාගැනීමේදී වාහන හිමිකරුවන් විවිධ අපහසුතාවන්ට පත්වූ අතර, ඔවුන් ඒ සදහා ස්ථාන කිහිපයකටම ගමන් කලයුතු විය.

    මේ කෙරෙහි විශේෂ අවධානය යොමුකල ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය www.exway.rda.gov.lk වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ETC සදහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා දී තිබේ.

    ලියාපදිංචි වීමෙන් අනතුරුව පහසු හුවමාරු මධ්‍යස්ථානයකින් RFID Tag එක ලබාගෙන මෙම වෙබ් අඩවිය හෝ Govpay හරහා  සිය බැංකු කාඩ්පත මගින් තමාගේ ETC ගිණුමට මුදල් බැර කිරීම හෙවත් Top up කරගැනීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව අධිවේගී මාර්ගයේ අදාළ ගමන් ගාස්තුව ස්වයංක්‍රීයව අයවී බාධාවකින් සහ අවහිරයකින් තොරව පිටවිය හැකි බවද අමාතශාංශය සඳහන් කළේය.

    මේ අතර අවහිරතාවයකින් තොරව ETC පහසුකම භාවිත කිරීම සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථානවලදී පැයට කිලෝමීටර් 15 ක වේගයක් පවත්වා ගන්නා ලෙසත් ඉදිරියෙන් ඇති වාහනය සමග මීටර් 20 ක පරතරයක් තබාගැනීමට කටයුතු කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුන් වෙත දන්වා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.