ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුව ඇත්තේ මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් බවය.
එමෙන්ම මෙම තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වන බවත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට කලබලයක් ඇති කර ගත යුතු නැති බවත් ඒ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,
“මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට යම් කම්පනයක් ඇතිවී ඇති බව සැබෑව. ඒ කම්පනයට ගන්න ඕන ක්‍රියාමාර්ග, නිසි පරිදි ප්‍රතිපත්තිමය තීන්දු අපි ගනිමින් ඉන්නවා. මේක ඇතුළේ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ. කෙසේ වෙතත්, එකවර මෙවැනි කම්පනයක් ඇතිවෙනකොට හා වෙළඳපොළේ අර සමපේක්ෂණ චේතනාවක්, බියක් හදපුවාම ඉල්ලුම සැපයුම එකවරම සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නේ නැහැ. පුංචි ඉහළ පහළ යාම් තියෙන්න පුළුවන්. ඩොලරයේ රුපියල් 350 ඉක්මවලා ගිය අනුපාතිකය ක්‍රමිකව 330ට වගේ ආවා ඒ ක්‍රියාමාර්ගත් එක්ක.. ආයෙත් පහුගිය දවස් දෙක ඇතුළත නැවතත් පුංචි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වෙනවා. මේ සඳහා කිසිදු ආකාරයකට කලබල ඇති කරගන්න එපා. මෙය වෙළඳපොළේ ඇතිවෙච්ච යම් සුවිශේෂී තත්ත්වයක් මිසක්, කිසිදු ආකාරයක ආර්ථිකයේ බිඳවැටීමක්වත්, බාහිර අංශයේ ගැටලුකාරී තත්ත්වයක්වත් නෙමෙයි.”
