පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පුණානි ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ.
මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තවත් තිදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන් අතර සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් ටිපර් රථයද පෙරළී ගොස් ඇති අතර එහි රියදුරුද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
