Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දකුණු කළුතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

    May 28, 2026

    පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

    May 28, 2026

    ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

    May 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මැදපෙරදිග යුද දර්ශන මුහුණුපොතට දැමූ ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි
    Local News

    මැදපෙරදිග යුද දර්ශන මුහුණුපොතට දැමූ ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි

    By LFNMay 28, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු මෙරටට එවා තිබේ.

    ඔවුන් පිරිස ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

    මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වයන්ට අදාළ ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන තමන් සන්තකයේ තබා ගනිමින්, ඒවාට සමාජ මාධ්‍ය ඔස්සේ  ‘Like’ පළ කිරීම සහ අදහස් දැක්වීම ‘Comments’ හේතුවෙන් මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පිටුවහල් කර ඇත්තේ අවුරුදු 23ත් 33ත් අතර වයස්වල පසුවන අම්බලන්ගොඩ, මාරපන, බොරැල්ල, බණ්ඩාරගම, පොළොන්නරුව සහ වත්තල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි.

    මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි වහාම, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

    May 28, 2026

    හොරට සූදු කෙළිය චීන්නු කොල්ලුපිටියේ දී මාට්ටු

    May 28, 2026

    ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට මි.මී 75ක වැසි

    May 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    දකුණු කළුතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට

    May 28, 202604 Views

    දකුණු කළුතර ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෝටර් රථයක ගමන් ගත් පිරිසක්…

    පස්වන සහ හයවන සමාලෝචන සඳහා IMF අනුමැතිය

    May 28, 2026

    ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

    May 28, 2026

    හොරට සූදු කෙළිය චීන්නු කොල්ලුපිටියේ දී මාට්ටු

    May 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.