රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ තිබූ බව සඳහන් වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන මුදල් අයකැමිවරයෙකි.
සැකකරු රැගෙන ආ ගමන් මල්ල තුළ පැකට් 19ක අසුරා තිබියදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 365ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
වැඩිදුර විමර්ශන සඳහා මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
