Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි – මහ බැංකු අධිපති
    Local News

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කිරීමයි – මහ බැංකු අධිපති

    By LFNMay 26, 2026No Comments3 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හරහා වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    අද (26) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධානතම බලාපොරොත්තුව වන්නේ වෙළඳපොළ පොලී අනුපාතය ඉහළ දැමීම වන බවය.

    එනම් අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය යම් ආකාරයකට අඩු කිරීම මෙහි අපේක්ෂාව වන බවද නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

    එමෙන්ම ආර්ථිකයේ කිසිදු හැකිලීමක් මේවන තෙක් සිදුව නොමැති බවත් ඊළඟ වාරික දෙක තුළ ද ආර්ථිකය වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    ”ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීමෙන් වෙළඳපොළ පොලී අනුපාතයත් ඒ විදියට වැඩි වෙන්න ඕනනේ. ඒ වැඩි වීම තුළින් ණය ලබා ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ණය ලබා ගැනීම අඩු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ආර්ථිකය වර්ධනය වෙනවා තාම. එතකොට ඊළඟ වාරික දෙකේදීත් ආර්ථිකය වර්ධනය වෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කිසිම ආකාරයක හැකිලීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ ආර්ථිකය සීයට හතරකින් වර්ධනය වුණා කියන්නේ ආර්ථිකය වර්ධනය වෙනවා. හැකිලීම කියන්නේ ආර්ථිකය සෘණ වෙනවා කියන එක. 2022 සිද්ධ වුණේ ආර්ථික හැකිලීම. ඒ අවස්ථාවේ අපට සංචිත තිබ්බෙත් නෑ. රුපියල් තිබ්බෙත් නෑ රජයට. විනිමය අනුපාතය පාලනයක් නැතුව යනවා. ආයෝජන ආනයනය කරන බඩු මුකුත් නැතුව රට ලොකු අර්බුදයක තිබිච්ච වෙලාවකනේ. එතකොට ඒ වෙලාවේ ආර්ථිකය මුදල් ප්‍රතිපත්තිය සීයට හතකින් නෙවෙයි සීයට පහළව දාසය වෙනකම් වැඩි වුණානේ. ඒකෙන් ආර්ථිකය යම්කිසි ආකාරයක සංකෝචනය කිරීමෙන් තමයි ස්ථාවර තත්වය ලබා ගන්න පුළුවන් වුණේ. මේ අවස්ථාවේ එහෙම වෙන්නේ නැහැ. ආර්ථික දිගටම වර්ධනය වෙන ගමන් තමයි යම්කිසි ආකාරයට වැඩිපුර තියෙන ඉල්ලුම පාලනය කිරීම තුළින් තමයි මේක යන්නේ… 2023 සහ 2024 විශේෂයෙන් මැදභාගේ ඉඳලා මේ වෙනකම්ම තාමත් සීයට පහක වර්ධනයක් වුණා.. ඒ කියන්නේ ඒක උඩට යනවා කියන එකනේ. පල්ලෙහාට නෙවෙයිනේ යන්නේ. අර නෙගටිව් කියන්නේ කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ පල්ලෙහාට යන එක. මේක උඩට යන්නේ. මේ වෙනකන් ගිහිල්ලත් තියෙන්නේ උඩට. මේක දිගටම යන්නෙත් ඒ විදිහට තමා”

    මේ අතර වාහන මිලදී ගැනීමට ණය ලබා ගැනීමේ දී අලුතින් එක් කළ බදු හේතුවෙන් වෙළෙඳපොලේ කෘතිමව වාහන මිල ගණන් ඉහළ යා හැකි බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

    එහිදී ණය වැඩිපුර ගැනීමට සිදු වීම හරහා ණය ලබා ගත් පුද්ගලයාට අනවශ්‍ය ණය බරක් දැරීමට සිදු වන බව ද මෙහිදී ඔහු පෙන්වා දුන්නේය.

    එම තත්ත්වය ණය ලබා ගන්නා පුද්ගලයාට මෙන්ම ණය ලබා දෙන බැංකුවට ද අවධානම් සහගත තත්ත්වයක් විය හැකි බැවින් එකී අවධානම අවම කිරීම සඳහා 50%ක් දක්වා තිබූ අනුපාතය 40%ක් දක්වා පහළ දමා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.