Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රට ඇත්තේ භයංකාර ආර්ථික අර්බුදයක් අබියසයි – සජිත් ප්‍රේමදාස
    Local News

    රට ඇත්තේ භයංකාර ආර්ථික අර්බුදයක් අබියසයි – සජිත් ප්‍රේමදාස

    By LFNMay 26, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවැති හමුවකදීය.

    මේ අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකර බොරු සංඛ්‍යා ලේඛනවලින් ජනතාව රවටන අන්දවන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක් රටේ ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    සෑම විටම සත්‍ය කතා නොකර බොරුව වපුරා ගැටලු නැති බව පෙන්වමින් කිරිපිටි, ඉන්ධන මිල ආදිය වැඩි කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීය.

    ඉන්ධන හා කිරිපිටි මිල ඉහළ යනු ලබන්නේ රටේ ඇති ආර්ථික අවදානම හේතුවෙන් බවත් මේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.

    ලෝක සම්මත ආර්ථික මතය අනුව විදේශ සංචිත අවම ආනයන වටිනාකම මාස තුනක ප්‍රමාණය විය යුතුය.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයා පවසන පරිදි රට තුළ ඩොලර් බිලියන 07ක් තිබුණ ද මාසයකට දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක් වැය වන බවත් මාස තුනකට ඩොලර් බිලියන 6ක් තිබිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

    රුපියල අවප්‍රමාණයවීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ හැකියාව අඩුවන බව ද ඔහු අවධාරණය කරයි.

    මෙම අමෙරිකානු ඩොලර් බිලියන ඇතුළත චීන යුආන් බිලියන 1.2ක් ඇති නමුත් එය භාවිත කළ නොහැකි බවත් භාවිත කළ හැක්කේ ඩොලර් බිලියන 5.8ක් බවත් තෙල් මිල ඉහළ යන මේ අවස්ථාවේ 2022දී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 470ක් වූ අතර මේ වනවිට එය රුපියල් 410කට අලෙවි කෙරේ.

    මේ හේතුවෙන් එම අගය වැඩි වුවහොත් රට බංකොලොත් විය හැකි බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

    මෑතකාලයේ විදේශ ප්‍රේෂණ වැඩි වුවත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් එම කලාපයේ ඇතිවන ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් රැකියා අහිමි වීමෙන් එය අඩුවිය හැකි බවත් රජය මේවා පැහැදිලි නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    තවද 2027 මාර්තු මාසයේදී IMF ගිවිසුම අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින් රටකට ලැබෙන ස්ථායිකරණ ශක්තිය ආදිය ඉවත් වේ.

    විදේශ ප්‍රේෂණ අඩුවී තෙල් මිල ඉහළ ගොස් රුපියල අවප්‍රමාණ වුවහොත් දැඩි අවදානමක් මතුවනු ඇත.

    2028 වසරේ සිට අපට විදේශ ණය ගෙවීම ඩොලර් බිලියන 1.5 සිට 3.5දක්වා වැඩි වන බවත් මේ හේතුවෙන් රටේ සංචිත වැඩි කළ යුතු බවත් අප රටේ සංචිත අමෙරිකානු ⁣ඩොලර් බිලියන 13.4 හෝ 14ක් විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවත් දැනට ඇත්තේ 50% බවත් මේ ඉලක්කය කරා යන්න මසකට අමෙරිකානු ඩොලර් මිලියන 600ක් අවශ්‍ය වූවත් මේ වනවිට ඩොලර් මිලියන 60ක් පමණක් මාසික සංචිත ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 202600 Views

    වව්නතිව් පොලිස් වසමේ පාචක්කොඩිචේන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ  ඊ‍යේ (25) දින උදෑසන පුද්ගලයෙකු පහරදීමක් හේතුවෙන් මියගොස්…

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.