Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»නීති ප්‍රතිපාදන ලැබුණු සැනින් පළාත් සභා ඡන්දය තියන්න සූදානම් – මැතිවරණ කොමිසම
    Local News

    නීති ප්‍රතිපාදන ලැබුණු සැනින් පළාත් සභා ඡන්දය තියන්න සූදානම් – මැතිවරණ කොමිසම

    By LFNMay 26, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ.

    පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්‌තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කර ඇත.

    පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිදේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්‌තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීමක් සිදුකර තිබුණි.

    ඒ එම විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

    එම අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ බව පවසා තිබේ.

    මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් යන මහත්වරුන් සහ සාමාජික මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාජපුත්තිරන් රා සමාණික්කම්, ධමප්‍රිය විජේසිංහ, සමන්මලී ගුණසිංහ, ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීන් ද, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා මාර්ග ගතවද සහභාගී සිටි බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 2026

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    මඩකලපුව – වව්නතිව් මිනිස් ඝාතනයක්

    May 26, 202600 Views

    වව්නතිව් පොලිස් වසමේ පාචක්කොඩිචේන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ  ඊ‍යේ (25) දින උදෑසන පුද්ගලයෙකු පහරදීමක් හේතුවෙන් මියගොස්…

    මහරට සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්

    May 26, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.