Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි
    Local News

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    By LFNMay 21, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර ලන්ඩන් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවී සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ස්වාභාවික ආපදා සහ ජාත්‍යන්තර අර්බුද මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීමට වත්මන් රජය සමත්ව ඇති බවයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි සුබදායී පරිවර්තනයකට ලක්ව ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

    මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය සඳහන් කළේ, සියලු ජාතීන්ට සමානව සලකන සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුටම සමසේ හිමිවන පාලනයක් රට තුළ ගොඩනැඟී ඇති බවයි.

    සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් බැහැරව පැවති මෙම හමුවේදී, සහභාගී වූ ශ්‍රී ලාංකිකයින්ට අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍යවරිය වෙත සෘජුවම ප්‍රශ්න යොමු කිරීමට සහ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දී තිබුණි.

    මෙම උත්සවයේ සියලු වියදම්, රාත්‍රී ආහාරය ඇතුළුව, සහභාගී වූවන් විසින්ම දරා ඇති බව සංවිධායක මණ්ඩලය සඳහන් කළ අතර, මහජන මුදල් භාවිතයෙන් තොරව උත්සවය සංවිධානය කළ බව ද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

    මෙම අවස්ථාවට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  නිමල් සේනාධීර මහතා මහතා ද එක්ව සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202604 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.