Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මාරාන්තික ඉබෝලා සහ හන්ටා වෛරස් ගැන WHO ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්
    International

    මාරාන්තික ඉබෝලා සහ හන්ටා වෛරස් ගැන WHO ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්

    By LFNMay 19, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාරාන්තික හන්ටා වෛරසය සහ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වන්නේ භයානක කාලසීමාවක් තුළ වර්තාවන නවතම අර්බුදයක් ලෙසින් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus සඳහන් කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික තීරණ ගැනීමේ මහා මණ්ඩල සැසිය ජිනීවා නුවරදී ආරම්භ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී ඔහු කොංගෝ හි නව ඉබෝලා ව්‍යාප්තිය පිළිබඳව අදහස් දැක්වූ අතර, පසුගිය සති අන්තයේදී ඔහු එය ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

    එමෙන්ම ‘MV Hondius’ නැමැති සංචාරක නෞකාවෙන් වාර්තා වූ දුර්ලභ හන්ටා වෛරස් ව්‍යාප්තිය පිළිබඳවද ඔහු මෙහිදී සිහිපත් කළේය.

    ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම වෛරස් ද්විත්වයේම ව්‍යාප්ත වීම්  “අපගේ ගැටලුකාරී ලෝකයේ නවතම අර්බුදයන් පමණක්” වන බවය.

    “ගෝලීය ගැටුම්, ආර්ථික අර්බුද, දේශගුණික විපර්යාස සහ ආධාර කප්පාදුවලින් පිරි, දුෂ්කර, අන්තරායකර මෙන්ම බෙදීම් සහිත කාලවකවානුවක අප ජීවත් වනවා,” යැයි ඔහු පවසා ඇත.

    අමෙරිකාවේ ඉවත් වීම සහ දැවැන්ත අරමුදල් කප්පාදුව හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය බෙහෙවින් දුර්වල වී ඇති පසුබිමක මෙවර 2026 ලෝක සෞඛ්‍ය මහා මණ්ඩල සැසිය පැවැත්වේ.

    මේ පිළිබඳව අදහස් දැක්වූ ස්විට්සර්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය එලිසබෙත් බව්ම්-ෂ්නයිඩර් ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැය සියයට 21 කින්, එනම් ඩොලර් බිලියනයකින් පමණ අඩු වී ඇති අතර රැකියා සිය ගණනක් අහිමි වී වැඩසටහන් සීමා වී ඇති බවය.

    කෙසේ වෙතත්, මෙම හදිසි අවස්ථාව මධ්‍යයේ වුවද ගැඹුරු ප්‍රතිසංස්කරණයකට ලක් වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට හැකි වූ බව ඇය සඳහන් කළාය.

    ජිනීවා පශ්චාත් උපාධි ආයතනයේ ගෝලීය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සම-අධ්‍යක්ෂිකා සූරි මූන් පෙන්වා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම දුෂ්කර කාල පරිච්ඡේදයට සාර්ථකව මුහුණ දී ඇති බවය.

    මෙම හන්ටා වෛරස් අර්බුදය හරහා, ලෝකයට වඩාත් ඵලදායී, විශ්වාසදායක, අපක්ෂපාතී සහ ස්ථාවර අරමුදල් සහිත ලෝක සෞඛ්‍ය සංවිධානයක අවශ්‍යතාවය මනාව පැහැදිලි වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.