ඉන්දියාවේ කාවේරි නදිය අසල පිහිටි ඩුබාරේ අලි කඳවුරෙහි අලි නෑවීම, කෑම දීම වැනි සමීප ක්‍රියාකාරකම්වලට සංචාරකයින් හට ඉඩ ලබාදී තිබේ.
අලි කඳවුරේ සිටි ‘කන්ජන්’ (Kanjan) සහ ‘මාර්තන්ද’ (Marthanda) යන හීලෑ අලි දෙදෙනා නාවන අවස්ථාවේදී හදිසියේම ගැටුමක් ආරම් වී ඇති අතර, මෙහිදී කන්ජන් නමැති ඇතා, මාර්තන්ද අලියාට දැඩි ලෙස පහර දී ඇති අතර පහරදීමෙන් බේරීමට උත්සාහ කිරීමේදී මාර්තන්ද අලියා බිම ඇද වැටී ඇති අතර, අලියා අසලින්ම සිටි ජින්සු නමැති 33 හැවිරිදි කාන්තාව අලියාට යටවී තිබෙනවා.
කාන්තාවගේ සැමියා සහ කුඩා දරුවා බේරී ඇති අතර, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අලියා ඇඟ මතට වැටීම නිසා ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් රෝහලට රැගෙන යන අතරතුර ඇය මියගොස් ඇති බවයි.
මෙම සිදුවීමෙන් පසු ඉන්දීය රජය විසින් මියගිය කාන්තාවගේ පවුල වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 20ක වන්දියක් ලබාදී ඇති බව සඳහන්.
