ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීම ඉක්මවා යමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වූ දෙදින නිල සංචාරය නිමා කරමින් බීජිං නුවරින් නික්ම යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉරානය වහාම එකඟතාවකට පැමිණිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
දෙරටේ නායකයන් අතර පැවැති සාකච්ඡාවලදී මැදපෙරදිග ආරක්ෂාව සහ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත.
විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම සහ කලාපීය ස්ථාවරත්වය සම්බන්ධයෙන් චීනයේ සහයෝගය අපේක්ෂා කරන බවද ජනාධිපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
