එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම් සබානා මහමුද්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙකු කියර් ස්ටාමර්ගේ ඉවත් වීම අපේක්ෂා කරන බවයි.
මේ අතර, එංගලන්ත ප්‍රාදේශීය මැතිවරණයෙන් කියර් ස්ටාමර් නායකත්වය දරණ පාලක කම්කරු පක්ෂය ලද පරාජයත් සමඟ රජයේ අමාත්‍යවරුන් රැසක් තම ධූරවලින් ඉල්ලා අස්වීමට මේ වනවිට කටයුතු කර ඇති බව සඳහන් වෙයි.
