Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»හන්ටා වෛරසය ව්‍යාප්ත වූ විනෝද චාරිකා නෞකාවෙන් තවත් තිදෙනෙකු ඉවත් කරයි හන්ටා වෛරසය ව්‍යාප්ත වූ විනෝද චාරිකා නෞකාවෙන් තවත් තිදෙනෙකු ඉවත් කරයි
    International

    හන්ටා වෛරසය ව්‍යාප්ත වූ විනෝද චාරිකා නෞකාවෙන් තවත් තිදෙනෙකු ඉවත් කරයි හන්ටා වෛරසය ව්‍යාප්ත වූ විනෝද චාරිකා නෞකාවෙන් තවත් තිදෙනෙකු ඉවත් කරයි

    By LFNMay 7, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හන්ටා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි අවධානයට ලක් වූ ඕලන්දයට අයත් MV Hondius නමැති විනෝද චාරිකා නෞකාවේ සිටි රෝගීන් තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉවත් කිරීමෙන් අනතුරුව කේප් වර්ඩ් දූපත්වලින් පිටත්ව ගොස් තිබේ.

    මෙලෙස ඉවත් කරන ලද්දේ 56 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු, 41 හැවිරිදි ඕලන්ද ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහ 65 හැවිරිදි ජර්මානු ජාතිකයෙකු බව සඳහන් වේ.

    ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නෙදර්ලන්තය වෙත ගුවන් මගින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

    ඉවත් කළ පිරිසෙන් දෙදෙනෙකු දැනටමත් නෙදර්ලන්තයේ රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර, තෙවැන්නා රැගත් ගුවන් යානය ප්‍රමාද වී ඇති බව නෞකාවේ මෙහෙයුම්කරු වන Oceanwide Expeditions ආයතනය ප්‍රකාශ කර ඇත.
    ‍
    මීට මසකට පෙර ආර්ජන්ටිනාවෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාවේ සිටි පුද්ගලයන් තිදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.

    ඉන් එක් අයෙකුට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති අතර අනෙක් මරණ දෙක පිළිබඳව පරීක්ෂණ පවත්වනු ලැබේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි, දැනට මෙම නෞකාව ආශ්‍රිතව හන්ටා වයිරසය වැළඳුණු බවට තහවුරු වූ රෝගීන් 3ක් සහ සැක සහිත රෝගීන් 5ක් ඇතුළුව මුළු රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන ඇත.

    සාමාන්‍යයෙන් හන්ටා වෛරසය මීයන්ගෙන් ව්‍යාප්ත වුවද, මෙම සිදුවීමේදී ඉතා සමීප සම්බන්ධතා පවත්වන මිනිසුන් අතරින් වයිරසය පැතිරී ඇති බවට සෞඛ්‍ය විශේෂඥයෝ සැක පළ කරති.

    දැනට පුද්ගලයන් 146 දෙනෙකු රැගත් මෙම නෞකාව දින තුනක සංචාරයකින් පසු ස්පාඤ්ඤයට අයත් “කැනරි” දූපත් වෙත ළඟා වීමට නියමිතය.

    ස්පාඤ්ඤ බලධාරීන් මේ සඳහා අවසර ලබා දී තිබුණද, කැනරි දූපත්වල සභාපති ප්‍රනාන්දු ක්ලැවිජෝ මීට දැඩි විරෝධය පළ කර ඇත.

    දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ලතින් අමෙරිකාවේ බහුලව දක්නට ලැබෙන ‘Andes’ නමැති වයිරස් ප්‍රභේදය මෙම රෝගීන්ගෙන් සොයාගෙන ඇති බවය.

    මෙය මිනිසුන් අතර ව්‍යාප්ත වීමේ හැකියාව ඇති ප්‍රභේදයකි.

    කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මරියා වැන් කර්කෝව් අවධාරණය කළේ මෙය කොවිඩ් හෝ උණ රෝගය මෙන් වාතයෙන් වේගයෙන් ව්‍යාප්ත නොවන බවය.

    මෙය ව්‍යාප්ත වීමට ශාරීරිකව ඉතා සමීප සම්බන්ධතාවක් තිබිය යුතු බව ඇය පෙන්වා දී ඇත.

    දැනට නෞකාවේ සිටින සියලු දෙනා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ රඳවා ඇති අතර, ඔවුන් කැනරි දූපත් වෙත ළඟා වූ පසු වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර  නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.