යුක්‍රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, කියුව්හි සටන් විරාමය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවය.
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ, රුසියානු ප්‍රහාරයකින් ගිනිකොනදිග යුක්‍රේන නගරයක් වන ඩිනිප්‍රෝ හි ද පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් ඇති බවය.
පොල්ටාවා සහ කාර්කිව් කලාපවල යුක්‍රේන රාජ්‍ය ගෑස් ගබඩා සංකීරණයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන්ය.
යුක්‍රේනයේ රාජ්‍ය බලශක්ති සමාගමක් වන නැෆ්ටෝගාස් හි ප්‍රධාන විධායක නිලධාරී සර්හි කොරෙට්ස්කි පවසා ඇත්තේ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවී ඇති අතර ගෑස් නිෂ්පාදන අඩු වීමට මෙය හේතුවක් විය හැකි බවය.
ප්‍රහාරයත් සමඟ පාරිභෝගිකයින් 3,500කට ආසන්න පිරිසකට ගෑස් සැපයුම අත්හිටු වීමට සිදුව ඇති බව සඳහන්ය.
