Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරාන විදේශ ඇමති චීනයට
    International

    ඉරාන විදේශ ඇමති චීනයට

    By LFNMay 6, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (06) උදෑසන චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස චීනයේ සංචාරයකට එක්ව ඇත.

    ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීන විදේශ කටයුතු අමාත්‍ය Wang Yi සමඟ දෙරට අතර සබඳතා, කලාපීය තත්ත්වයන් සහ ගෝලීය උපායමාර්ගික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මැදපෙරදිග යුද්ධයේ උණුසුම සහ විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ගොඩ නැගී ඇති ආරක්ෂක සහ දේශපාලනික අවදානම් තත්ත්වය හමුවේ ලෝක තෙල් සැපයුම් මාර්ගයන්ට බලපෑම් එල්ල වී ඇති මොහොතක මෙම සංචාරය සිදුවීම කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබේ.

    ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චිගේ මෙම සංචාරය සිදුවන්නේ, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් කල් දැමුණු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුව, මේ මාසයේ පැවැත්වීමට කටයුතු සුදානම්ව තිබෙන පරිසරයක් තුළ වීම හා බීජිං නගරය මේ වනවිට ගෝලීය රාජතාන්ත්‍රික කේන්ද්‍රස්ථානයක් බවට ලෝකයේම අවධානය දිනා සිටින මොහොතක වීම තවත් විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.