Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයට පෙර සැකකරු ගත් ඡායාරූප සහ තොරතුරු අනාවරණය වේ
    International

    ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයට පෙර සැකකරු ගත් ඡායාරූප සහ තොරතුරු අනාවරණය වේ

    By LFNApril 30, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට දැරූ අසාර්ථක උත්සාහයට සම්බන්ධ සැකකරු ප්‍රහාරයට මිනිත්තු කිහිපයකට පෙර ලබාගත් ඡායාරූප ඇතුළු නවතම තොරතුරු රැසක් එරට බලධාරීන් විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

    වොෂින්ටන් හි හිල්ටන් හෝටලයේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණි.

    සැකකරු වන 31 හැවිරිදි කෝල් ඇලන් නමැත්තා, සෙනසුරාදා රාත්‍රී 8.03 ට පමණ හෝටල් කාමරයේ කැඩපතක් ඉදිරියේ ආයුධ සන්නද්ධව සිටින සිය ඡායාරූපයක් ලබාගෙන තිබේ.

    කළු පැහැති ඇඳුමකින් සහ රතු ටයි පටියකින් සැරසී සිටි ඔහුගේ සිරුරේ උණ්ඩ, පිස්තෝල, පිහි සහ කම්බි කපන උපකරණ සඟවා තිබූ බව එම ඡායාරූපවලින් පැහැදිලි වේ.

    ප්‍රහාරය සැලසුම් කළ අවස්ථාවේ සැකකරු සිය පවුලේ සාමාජිකයන්ට යැවූ විද්‍යුත් තැපැල් පණිවිඩවල සඳහන් කර ඇත්තේ, එහි පැමිණ සිටින අනෙකුත් අමුත්තන්ගේ මරණය “පිළිගත හැකි අතුරු හානියක්” ලෙස තමා සලකන බවයි. එහි ආරාධිතයින් 2,300කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

    සැකකරු සතුව තිබී ‘මොස්බර්ග්’ වර්ගයේ වෙඩි තුවක්කුවක්, මිලිමීටර් 38 පිස්තෝලයක් සහ කිනිසි කිහිපයක් සොයාගෙන ඇත.

    ඔහු ආරක්ෂක වළල්ල බිඳගෙන ගොස් නිලධාරියෙකුට ආයුධයක් එල්ල කරන විට වෙනත් නිලධාරියෙකු ඔහුට සිව් වතාවක් වෙඩි තබා අඩපණ කර තිබේ.

    ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු බරපතළ චෝදනා තුනක් යටතේ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වීමට ඉඩ පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.