Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාව විසින් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට
    International

    අමෙරිකාව විසින් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට

    By LFNApril 30, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාව විසින් ඉතාලියෙන් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට භාරදී තිබේ.

    මෙය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම සංස්කෘතික දේපළ හුවමාරුවක් ලෙස සැලකෙන අතර, රෝමය සහ වොෂින්ටනය අතර පවතින දැඩි සහයෝගීතාව මෙයින් මනාව පිළිබිඹු වන බව සඳහන් වේ.

    පුරාණ රෝම මූර්තිවල සිට ග්‍රීක, එට්‍රස්කන් “Etruscan” සහ ඊජිප්තු කලාකෘති දක්වා විහිදෙන මෙම පුරාවස්තු සමූහය, ඉතාලියේ ‘කැරබිනියරි’ (Carabinieri) සංස්කෘතික ආරක්ෂක ඒකකයේ මූලස්ථානයේදී ප්‍රදර්ශනය කෙරිණි.

    නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම භාණ්ඩ සොයාගෙන ඇත.

    ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 3 වන සියවස දක්වා කාලයට අයත් රෝම කාසි, ස්වර්ණාභරණ, පිඟන් මැටි භාණ්ඩ සහ වාස්තු විද්‍යාත්මක කොටස් මෙයට ඇතුළත් වේ.

    ක්‍රි.ව. පළමු සියවසට අයත් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කිරිගරුඬ හිස (මෙය 1960 දී රෝම කෞතුකාගාරයකින් සොරාගන්නා ලද්දකි) සහ හර්කියුලේනියම් (Herculaneum) නගරයෙන් සොරාගත් ලෝකඩ මූර්තියක් ද මෙහි වේ.

    මෙම මෙහෙයුම සඳහා නිව්යෝර්ක් මැන්හැටන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය විශාල දායකත්වයක් ලබාදුන් අතර, ඔවුන් පමණක් භාණ්ඩ 221ක් සොයා ගැනීමට සමත් ව ඇත.

    ඉතාලියේ අමෙරිකානු තානාපති ටිල්මන් ජේ. ෆර්ටිටා අදහස් දක්වමින් පැවසුවේ, ඉතාලිය සතු අසමසම ඉතිහාසය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ මෙම වටිනා කලාකෘති නැවත මව්බිමට ගෙන ඒමට එක්සත් ජනපදය සැමවිටම සහාය දෙන බවය.

    ඉතාලි සංස්කෘතික අමාත්‍ය ඇලෙස්සැන්ඩ්‍රෝ ජුලි ප්‍රකාශ කර ඇත්තේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යනු අනන්‍යතාවය ශක්තිමත් කිරීම සහ අනාගත පරපුරට සංස්කෘතික වටිනාකම් දායාද කිරීම බවය.

    ඉතාලිය සහ අමෙරිකාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් හරහා පුරාවස්තු ජාවාරම මැඩලීමට සහ තොරතුරු හුවමාරු කර ගැනීමට ඉදිරියේදීත් කටයුතු කෙරේ.

    දැනට සොයාගෙන ඇති මෙම පුරාවස්තු පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු ඒවා ඉතාලිය පුරා පිහිටි ඒ ඒ මුල් ස්ථානයන් වෙත නැවත යොමු කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි

    June 13, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.