අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති ඩොලර් ට්‍රිලියන 1.5ක දැවැන්ත ආරක්ෂක අයවැය ප්‍රතිපාදන ඉල්ලීම, වර්තමානයේ පවතින හදිසි අවශ්‍යතාව මනාව පිළිබිඹු කරන්නක් බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කරයි.
මෙම සුවිශේෂී අයවැය ඉල්ලීමට පක්ෂව සාක්ෂි දීමට ලැබීම තමන් අගය කරන බව හෙග්සෙත් සඳහන් කර තිබේ. “ජනාධිපතිවරයාගේ මෙම අයවැය ඉල්ලීම මගින් මේ මොහොතේ පවතින කාලීන සහ හදිසි අවශ්‍යතාව නිරූපණය වනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට සමගාමීව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටු විභාගයට එක්වූ පෙන්ටගන නිලධාරී ජූල්ස් හර්ස්ට්, ඉරාන යුද්ධය වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති සම්පූර්ණ පිරිවැය පිළිබඳව යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කළේය.
ඔහුට අනුව, මෙතෙක් යුද්ධය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 25ක මුදලක් වැය වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් වැය වී ඇත්තේ යුධෝපකරණ සහ පතරොම් වෙනුවෙනි.
