Close Menu
Lanka Focus News
    What's Hot

    ඉන්ධන මිල ඉහළට

    November 2, 2026

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි
    International

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි

    By LFNApril 28, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක බලශක්ති වෙළෙඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන OPEC සහ OPEC+ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව අද (28) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

    මෙම තීරණය එළැඹෙන මැයි පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන් වේ.

    තම රටේ දිගුකාලීන උපායමාර්ගික සහ ආර්ථික දැක්ම මෙන්ම, දේශීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගත් බව එමීර් රාජ්‍යය පවසයි.

    රටේ වර්තමාන සහ අනාගත නිෂ්පාදන ධාරිතාව පිළිබඳ පුළුල් සමාලෝචනයකින් පසු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය 1967 වසරේදී ඔපෙක් සංවිධානය සමඟ එක් වූ අතර, දශක පහකට වැඩි කාලයක් ලෝක තෙල් වෙළෙඳපොළේ ස්ථාවරත්වය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ බව සඳහන් වේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධාරණය කරන්නේ සංවිධානයෙන් ඉවත් වූවද, තමන් වගකීම් සහගත බලශක්ති හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බවය.

    “මෙම තීරණය මගින් ලෝක වෙළෙඳපොළේ ස්ථාවරත්වය වෙනුවෙන් අප දක්වන කැපවීම වෙනස් නොවේ. අප සිදු කරන්නේ වෙළෙඳපොළේ නැගී එන අවශ්‍යතාවලට වඩාත් හොඳින් ප්‍රතිචාර දැක්වීමට අපට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමයි.” යනුවෙන් එමීර් රාජ්‍යය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    මීට අමතරව, අනාගත නිෂ්පාදන ධාරිතාව වෙළඳපොළ ඉල්ලුමට අනුකූලව ක්‍රමවත්ව සහ මැනවින් කළමනාකරණය කරන බව ද ඔවුන් සහතික වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    ඉන්ධන මිල ඉහළට

    November 2, 202605 Views

    අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.