Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි
    International

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    By LFNApril 23, 2026No Comments2 Mins Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.

    පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම ඉල්ලා අස්වීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සිදුවන බවය.

    ෆෙලන්ගේ ඉවත්වීමත් සමඟ නාවික හමුදා උප ලේකම් හන්ග් කාඕ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් වේ.

    පසුගිය මාස කිහිපය තුළ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ ඉහළ පෙළේ හමුදා නායකයින් අතරට ෆෙලන් ද එක් වේ.

    මොහු 2024 වසරේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද අතර 2025 මාර්තු මාසයේදී නාවික හමුදා ලේකම් ලෙස දිවුරුම් දුන්නේය.

    ෆෙලන්ගේ ඉවත්වීමට නිශ්චිත හේතුවක් නාවික හමුදාව මෙතෙක් අනාවරණය කර නොමැති අතර, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් මෑතකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් ධූරවලින් ඉවත් කරනු ලැබීය.

    ධූරයෙන් ඉවත් වන ෆෙලන් වෙනුවට පත්වන හන්ග් කාඕ, වසර 25 ක අත්දැකීම් සහිත නාවික හමුදා ප්‍රවීණයෙකි.

    ධූරයෙන් සමුගන්නා ෆෙලන් සිදුකළ සේවය පිළිබඳව පෙන්ටගනය සිය කෘතඥතාව පළ කර ඇත.

    මෙම නායකත්ව වෙනස්වීම සිදුවන්නේ ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය අතර පවතින දැඩි යුදමය වාතාවරණයක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇති පසුබිමක ය.

    ඉරාන වරායන් වෙත පනවා ඇති අමෙරිකානු නාවික අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

    සටන් විරාම ගිවිසුම් අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් උල්ලංඝනය කරන බැවින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කළ නොහැකි බව ඉරාන ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් බගර් ගලිබාෆ් පවසා ඇත.

    ලෝක තෙල් සැපයුමෙන් විශාල කොටසක් ගමන් කරන මෙම සමුද්‍ර සන්ධිය තුළදී නැව් දෙකක් තම භාරයට ගත් බව ඉරානය නිවේදනය කර කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026

    ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

    April 22, 2026

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 202607 Views

    ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර…

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.