Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි
    International

    ඉදිරි සතියත් ජපානයට අවදානම් – යළිත් අනතුරු ඇඟවෙයි

    By LFNApril 21, 2026No Comments1 Min Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජපානය යළි දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු යළි දෙවන වරටත් මෙලෙස භූමිකම්පනයක් සඳහා අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති බවය.

    ඒ අනුව ඉදිරි සතියේ දී දරුණු භූකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද ජපාන බලධාරීන් පෙන්වා දී ඇත.

    මෙම භූකම්පනය රික්ටර් පරිමාණයේ 8.0ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් වාර්තා විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා තිබේ.

    ඊයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපාංකයේ ඒකක 7.7ක ප්‍රභලත්වයකින් යුත් භූකම්පාවක් ඇති වූ අතර මේ හේතුවෙන් සුනාමි රළ පහර එරට නැගෙනහිර වෙරළට පැමිණ තිබුණි.

    ජපානය භූගෝලීය වශයෙන් “ගිනිකඳු වළල්ල” (Ring of Fire) මත පිහිටා ඇති බැවින් වසරකට භූමිකම්පා 1,500ක් පමණ සිදු වේ.

    එමෙන්ම ලොව පුරා සිදුවන රික්ටර් පරිමාණ 6.0ට වැඩි භූමිකම්පාවලින් 10% ක්ම වාර්තා වන්නේ ජපානයෙනි.

    2011 මාර්තු මාසයේදී ඉවාතේ ප්‍රාන්තයට දකුණින් සිදු වූ රික්ටර් පරිමාණ 9.0ක මහා භූකම්පනය ජපානය තුළ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනය වේ.

    ඉන් ඇති වූ ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනතුරකි.

    එම ව්‍යසනයෙන් පසුව මෙවැනි ඕනෑම කම්පනයකදී ජනතාව උස් බිම් කරා යොමු කිරීමට එරට රජය දැඩි පියවර ගනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.