Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්
    International

    2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්

    By LFNMarch 24, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මනුෂ්‍ය වර්ගයා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වන විට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය ‘WMO’ පවසයි.

    කාර්මික යුගයට සාපේක්ෂව පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.43 කින් ඉහළ ගොස් ඇති අතර, සාගර රත්වීම සහ අයිස් කඳු දියවීම හේතුවෙන් මාරාන්තික ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය සහ දැඩි සුළි කුණාටු ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

    ඉදිරි වසර දෙක තුළ ඇතිවිය හැකි එල් නිනෝ බලපෑමත් සමඟ ලෝක උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙය පාලනය කිරීමට නම් ලෝක ප්‍රජාව වහාම ෆොසිල ඉන්ධන භාවිතය නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.

    කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය පිට කරන තාපයට වඩා වැඩි තාප ප්‍රමාණයක් උරා ගනිමින් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

    මෙම වාර්තාවට අනුව පෘථිවියේ ප්‍රධාන දේශගුණික දර්ශක පිළිබඳ තත්ත්වය පහත පරිදි වේ.

    වාර්තාගත උණුසුම – පසුගිය වසර 11 ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම වසර 11 ලෙස සටහන් වේ.

    සාගර උෂ්ණත්වය – පෘථිවියේ රැඳෙන අතිරික්ත තාපයෙන් 90% කට වඩා උරා ගන්නේ සාගරයයි. පසුගිය වසරේ සාගර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

    අයිස් කඳු දියවීම – පෘථිවියේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන්හි අයිස් තට්ටු අවම මට්ටමකට ඇද වැටී ඇති අතර ග්ලැසියර දියවීම වේගවත් වී ඇත.

    කාබන්ඩයොක්සයිඩ් මට්ටම – වායුගෝලයේ CO2 මට්ටම වසර මිලියන දෙකකට පසු ඉහළම අගය වාර්තා කර ඇත.

    මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, “පෘථිවි ග්‍රහලෝකය එහි සීමාවන් ඉක්මවා යමින් පවතින අතර සෑම ප්‍රධාන දේශගුණික දර්ශකයක්ම රතු එළි දල්වමින් පවතින” බවයි.

    ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය වෙත කඩිනමින් යොමු වන ලෙස ඔහු ලෝක රටවලින් ඉල්ලා සිටියි.

    2025 වසරේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට වඩා 1.43°C කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

    ඒ අනුව, 2026 වසරේ දෙවන භාගයේදී එල් නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර, එමඟින් 2027 වසරේදී ලෝක උෂ්ණත්වය තවත් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

    විදෙස් මාධ්‍යයේ සඳහන් පරිදි, විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ මේ වන විටත් අමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින 40°C ට වඩා වැඩි අධික උණුසුම් කාලගුණය (Heatwave), මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ දේශගුණික විපර්යාසයන්හි සෘජු ප්‍රතිඵලයක් බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.