Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි – ජනපති
    Featured

    ඩිජිටල් ආර්ථිකය තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණයි – ජනපති

    By LFNMarch 8, 2026No Comments4 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අදට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

    මෙරට ජනගහණයෙන් සියයට 52ක් නියෝජනය කරන කාන්තා පරපුර වර්තමානයේ මෙරට ආර්ථිකය තුළ විශාල කොටසක් නියෝජනය කරන බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

    වැටුප් නොලබා ගෘහණියක ලෙස ද ඇය ඉටු කරන භූමිකාවට අමතරව, ඇඟලුම් කර්මාන්තය, වතු කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්‍රය තුළත්, සෞඛ්‍ය, අධ්‍යාපන සහ සේවා අංශවලත් කාන්තාව විශාල දායකත්වයක් ලබාදෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකාව තුළ ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් කාන්තාවගේ භූමිකාව සුවිශේෂී වන අතර ඒ සියලු ක්ෂේත්‍රයන්හි විශාල භාරයක් දරන්නේ ද කාන්තාව බව සඳහන් වේ.

    කාන්තාවගේ එම භූමිකාව අගයමින් කාන්තා අයිතිවාසිකම්, නිදහස සහ සුරක්ෂිතතාව පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළද, එය එක් දිනකට සීමා කළ නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

    2025 වසරේ රටක් වශයෙන් ලැබූ බොහෝ ආර්ථික ජයග්‍රහණයන්ට කාන්තා පරපුර ලබා දුන් ශක්තිය ඉවහල් වූ බව ද එම නිවේදනයේ සඳහන්.

    සමාජ සාධාරණත්වය උදෙසා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී සමානාත්මතාව තහවුරු කරමින්, ආර්ථික ක්‍රියාවලියට කාන්තාවන් තවදුරටත් සක්‍රීයව හා ඵලදායීව සහභාගී කර ගැනීමේ සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බව එම නිවේදනයෙන් සදහන් කර ඇත.

    සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරගනිමින්, නිවසේදී, ප්‍රවාහනයේදී, ප්‍රජාව තුළ, වැඩබිමේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව ක්‍රියා කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජයක් ලෙස ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

    අදාළ නිවේදනය පහතින්,

    සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරකම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ. ශ්‍රී ලංකාව තුළ ආර්ථික, දේශපාලන, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් කාන්තාවගේ භූමිකාව සුවිශේෂීය. එකී සියලු ක්ෂේත්‍රයන්හි විශාල භාරයක් දරන කාන්තාවගේ එම භූමිකාව අගයමින් කාන්තා අයිතිවාසිකම්, නිදහස සහ සුරක්ෂාව පිළිබඳව මෙදින විශේෂයෙන් සිහිපත් කළද, එය එක් දිනකට සීමා කළ නොහැකි බව අපි විශ්වාස කරමු.

    මෙරට ජනගහණයෙන් 52%ක් නියෝජනය කරන කාන්තා පරපුර අද රටේ ආර්ථිකය තුළ විශාල පංගුවක් නියෝජනය කරන බව නොරහසකි. වැටුප් නොලබා ගෘහණියක ලෙස ඇය ඉටු කරන භූමිකාවට අමතරව, ඇඟලුම් කර්මාන්තය, වතු කර්මාන්තය, විදේශ රැකියා ක්ෂේත්‍රය තුළත්, සෞඛ්‍ය, අධ්‍යාපන සහ සේවා අංශවලත් කාන්තාවෝ විශාල දායකත්වයක් ලබා දෙති. පසුගිය 2025 වසරේ අප රටක් ලෙස ලැබූ බොහෝ ආර්ථික ජයග්‍රහණයන්ට කාන්තා පරපුර විසින් ලබා දුන් එම ශක්තිය ඉවහල් වූ බවද මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුය.

    සමාජ සාධාරණත්වය උදෙසා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී සමානාත්මතාව තහවුරු කරමින්, ආර්ථික ක්‍රියාවලියට කාන්තාවන් තවදුරටත් සක්‍රීයව හා ඵලදායීව සහභාගී කර ගැනීමේ සැලසුම් අපි මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිමු. සාධාරණ සමාජයක්, නිවහල් රටක් සහ නිදහස් ස්ත්‍රියක් යන අභිලාෂය සාක්ෂාත් කරගනිමින්, නිවසේදී, ප්‍රවාහනයේදී, ප්‍රජාව තුළ, වැඩබිමේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව ක්‍රියා කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට රජයක් ලෙස අපි ප්‍රමුඛත්වය ලබා දී ඇත්තෙමු.

    පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කරමින්, වරකදී වැඩිම කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියි. එසේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මලෛගම් ජනතාව නියෝජනය කරන කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක තේරී පත්වීමද සුවිශේෂී ඉතිහාසගත සිදුවීමකි. මේ අයුරින් රට ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමට අප ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සමාන ලෙස උර දෙන, ශක්තිමත් සහ ගෞරවනීය කාන්තා පරපුරක් බිහිකිරීම අපගේ වගකීමත් අධිෂ්ඨානයත් බව මෙහිලා අවධාරණය කරමු. එමෙන්ම ඩිජිටල් හා හරිත ආර්ථිකයක් තුළ කාන්තා ව්‍යවසායකත්වය පුළුල් කර ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීම අප රජයේ අරමුණයි.

    එවන් පසුබිමක් තුළ ලාංකීය කාන්තාවන්ගේ අභිමානය සහ ශක්තිය ලොවට පෙන්වමින් ‘පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙර මග’ තේමාව යටතේ මෙවර කාන්තා දිනය සංවිධානය කිරීම මම බෙහෙවින් අගයමි.

    සියලුම අහිතකර උවදුරුවලින් සමාජයත්, රටත් මුදා ගනිමින් ආචාරධාර්මික සහ සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් සහ දියුණු රටක් ගොඩනැඟීමට තිර අදිටනින් යුතුව අප යන ගමනේ පෙරගමන්කරුවන් ලෙස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නා ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරමින් අර්ථවත් කාන්තා දින සැමරුමකට සුබපැතුම් එක් කරමි.

    අනුර කුමාර දිසානායක

    ජනාධිපති

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

    2026 මාර්තු 08 දින

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.