Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි
    Hot News

    ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි

    By LFNMarch 2, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    QR ක්‍රමවේදය යොදා ගනිමින් තෙල් සැපයුම සීමා කළ යුත්තේ රට තුළ තෙල් හිඟයක් පවතින අවස්ථාවක දී වන බවත්, මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් QR ක්‍රමවේදය යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

    එමෙන්ම යම් අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් එවැනි ඕනෑම අවස්ථාවදී QR ක්‍රමවේදය භාවිත කිරීමට සූදානමින් සිටින බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

    අද (02) දිනයේ දී ද සාමාන්‍ය පරිදිම තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කළ බවත් පෙරවරු 9.45 වන විට ඩීසල් ලීටර් විසිනම ලක්ෂ විසි පන්දහස් තුන්සිය හතලිස් නමයක් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් විසිනම ලක්ෂ හාරදාහක් ද බෙදා හැර ඇති බව ඩී.ජේ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

    තවද ඊයේ (01) දිනයේ පමණක් ඩීසල් ලීටර් තිස් ලක්ෂ අසූ එක් දහස් තුන්සිය හතලිස් නමයක් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් තිස්නම ලක්ෂ විසි දහස් හාරසීයක් ද බෙදා හැර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ අතර ඔහු නැවතත් අවධාරණය කර සිටියේ අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ය.

    ජනතාව මෙසේ අනවශ්‍ය ලෙස කලබලයට පත්ව දිගින් දිගටම පෝලිම්වල රැදී සිටීම කනගාටුවට කරුණක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස්කර තබාගැනීම, නීතිවිරෝධී හා අවධානම් ක්‍රියාවක් වන අතර ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඩී.ජේ රාජකරුණා මහතා මෙහිදී කියා සිටියේය.

    ඊයේ (01) දිනයේ ද ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙසේ තෙල් තොග රැස් කරන්නන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් ඒ ගැන පොලීසියට දැනුවත් කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.