විනාශ කරන අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තා දෙසැම්බර් 31ට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට ඉදිරිපත් කර ලෙස නියම කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අධිකරණ මගින් විනාශ කරනු ලබන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් නිකුත් කර ඇත.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කළ අංක JSC/SEC/ClR/2023 දරණ 2023 මාර්තු 03 දිනැති චක්‍රලේඛයට අතිරේක වශයෙන් මෙම සංශෝධනය සිදුකර තිබේ.
ඒ අනුව සෑම අධිකරණයක්ම යම් වර්ෂයක් තුළ අධිකරණ නියෝග මත විනාශ කරනු ලබන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ වාර්ෂික වාර්තාවක් සකස් කළ යුතු බව සඳහන් වේ.
එම වාර්තාව “ඇමුණුම – ආ” හි සඳහන් ආකෘතියට අනුව සකස් කර, සෑම වර්ෂයක් අවසානයේදී දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
මෙම නියෝගය අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි අණ පරිදි ක්‍රියාත්මක වන බව ද වැඩිදුරටත් සඳහන් වේ.
