Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අරඹයි
    Featured

    කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අරඹයි

    By LFNJanuary 23, 2026No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන නැව් තටාකාංගණයේ මෙහෙයුම් අද (23) ආරම්භ කෙරිණි.

    මෙහෙයුම් ආරම්භය සංකේතවත් කරමින් ලොව ප්‍රධාන නැව් සමාගම් 3ක නෞකා 3ක් නැව් තටාකාංගණය පැමිණියේය.

    ගැන්ට්‍රි දොඹකර 12ක් සහ ස්වයංක්‍රිය අංගණ දොඹකර 40කින් සමන්විත මෙම නැව් තටාකාංගණය හරහා කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ මෙහෙයුම් තවත් ශක්තිමත්වනු ඇත.

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මුල්වරට ආරම්භ කෙරුණේ 2022 වසරේ ජනවාරි 12 වැනිදාය.

    හෙක්ටයාර 75ක භූමියක් තුළ ඉදිවන නැගෙනහිර පර්යන්තයේ මුළු දිග මීටර 1320කි.

    ඉන් මීටර් 1090ක් සහ අනෙකුත් ඉදිකිරීම්වලින් 82%ක් මේ වන සම්පූර්ණකර අවසන් කර ඇත.

    2025 වසරේදී නැගෙනහිර පර්යන්තය මගින් බහාලුම් පන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇති අතර සම්පූර්ණ ඉදිකිරීම් අවසන් වූ පසු බහාලුම් මිලියන 1.5ක් මෙහෙයවීමට හැකියි.

    කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් වරාය අධිකාරියේ අධීක්ෂණය හා අයෝජනය මත මෙම නැගෙනහිර පර්යන්තය ඉදිකෙරේ.

    ඒ නැගෙනහිර පර්යන්තය හා අදානි සමාගම පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මත ඇතිවූ විරෝධතාවලින් පසුව වීමත් විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.