Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 2026

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනයේ යෙදෙන රියදුරන් අල්ලන්න ජංගම රසායනාගාරයක්
    Featured

    මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනයේ යෙදෙන රියදුරන් අල්ලන්න ජංගම රසායනාගාරයක්

    By LFNJanuary 22, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොලේදී නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය පවසයි.

    මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් විනාඩි කිහිපයක් තුළ රියදුරන් විසින් දින 14 ක් ඇතුළත භාවිතා කළ මත්ද්‍රව්‍ය වග හතරක් සම්බන්ධ වාර්තාවන් ලබාගත හැකි බව සඳහන් වේ.

    මගී ජීවිත ආරක්ෂා කිරීමේ අපේක්ෂාව මූලික කරගෙන ක්‍රියාත්මක මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හඳුනා ගන්නා රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර එම රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි කිරීම දක්වා වූ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

    අද රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් මෙම ජංගම රසායනාගාර සේවාව මඟින් පරීක්ෂණය සඳහා යොමු කළ කෙටි දුර හා දුර ගමන් සේවා බස් රථ රියදුරන් 59 දෙනෙකු අතුරින් රියදුරන් 08 දෙනෙකු ගංජා භාවිතා කර ඇති බවට හා දෙදෙනෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හඳුනාගෙන ඇත.

    ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ගමනා ගමන කොමිසම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක මෙම ජංගම රසායනාගාර සේවාව ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම සමාරම්භක අවස්ථාවට පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී. පී. ජේ. සේනාධිර මහතා, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය යු.සී.පී. පෙරේරා මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරන්ඩා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව යුද්ධයට ඇද දැමූ බවට කමලා හැරිස්ගෙන් චෝදනාවක්

    April 19, 202601 Views

    ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූ බව අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිසන් පවසයි.…

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.