Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන තැන සිදු වූ රිය අනතුරු – තිදෙනෙකුට දිවි අහිමි වෙයි
    Featured

    තැන තැන සිදු වූ රිය අනතුරු – තිදෙනෙකුට දිවි අහිමි වෙයි

    By LFNJanuary 21, 2026No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (20) මෙම අනතුරු සිදුව තිබුණේ ලග්ගල, බදුල්ල සහ නවගමුව යන පොලිස් වසම්වලදීය.

    ලග්ගල පොලිස් වසමේ බකමූණ හෙට්ටිපොළ මාර්ගයේ දේවාලදෙනිය හන්දිය අසලදී ටිපර් රථයක් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ පදිකයා ලග්ගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, දේවාලදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර බදුල්ල පොලිස් වසමේ තල්දෙන පුස්සැල්ලාව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනයකරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, 06 කණුව, පුස්සැල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර නවගමුව පොලිස් වසමේ හෝමාගම – කඩුවෙල මාර්ගයේ වලව්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පදිකයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, රණාල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026013 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.