Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි
    Featured

    ප්‍රධාන මාර්ගවල රේස් පදින තරුණයින්ට වැඩ වරදියි

    By LFNJanuary 21, 2026No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

    ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ මේ වන විට අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි භාවිත කරමින්ද මෙම කටයුත්තට සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් සියලුම පොලිස් ස්ථාන වෙත එම යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත්ය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා,

    “යතුරුපැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සලසා ගන්න මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත්, පදිකයෝ අනතුරට පත් කරන්නවත්, විනයගරුකව සහ නීතිගරුකව රිය පදවන රියදුරන් අපහසුතාවට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල මේක ඉතා භයංකාරයි. ඒක නිසා අපි විශේෂයෙන් කියලා තියෙනවා රථවාහන නිලධාරීන්ට අධික වේගයෙන් අන්තරාදායකව අපරික්ෂාකාරීව යනවානම් අනිවාර්යෙන්ම යතුරුපැදි සම්බන්ධව කටයුතු කරන්න කියලා.

    විශේෂයෙන්ම දැන් අවුරුදු 18ට අඩු අයත් යතුරුපැදි පදිනවා. ඊයේ අපි දැක්කා අවමංගල්‍යයකදි. මෙකේ වෙලා තිබ්බෙත් යතුරුපැදියක අධික වේගයෙන් රියදුරු බලපත්‍රයක්වත් නැතිව රේස් ගිහිල්ලා මරණයට පත්වෙලා. දැන් ඒ අවමංගල්‍ය පෙරහැරෙත් යන්නේ යතුරුපැදි. සමහර අය හෙල්මට් නැතිව ගිහිල්ලා.

    තරුණයන්ගේ මේ එන රැල්ල එච්චර හොඳ නෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි පොලීසියට කියලා තියෙනවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි. අපි කියලා තියෙනවා දැන් ඒවා වහාම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒවා රාජසන්තක කරන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.