දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ඊයේ (18) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මෙන්ම රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම අගය 150ත් 200ත් අතර අගයක පවතින බව ඒ මහතා මෙහිදී සඳහන් කර සිටියේය.
එමෙන්ම එය තරමක අහිතකර තත්ත්වයක් වන බවත් මෙම තත්ත්වය ඉදිරි දින 02 තුළ පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බව ද ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසය.
එමෙන්ම මෙසේ වායු ගුණාත්මකභාවය පහළ යාමට මිනිස් ක්‍රියාකාරකම් ද බලපාන බව මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේය.
විශේෂයෙන් ගිනිතැබීම්, වාහනවලින් පිටවන දුමාරය ආදිය මේ සඳහා හේතුවන අතර ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය පිලිස්සීමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මධ්‍යම පරිසර අධිකාරිය රටෙහි වායු තත්ත්ව දර්ශකය එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන බවය.
