Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට
    Featured

    ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහළට

    By LFNJanuary 19, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

    නාගරික අංශය සියයට 52.1 ක් ලෙස ඉහළම සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශය සියයට 36.6 ක් සහ වතු අංශය සියයට 18.6 ක් ලෙස සමීක්ෂණයෙන් පෙන්නුම් කෙරේ.

    එමෙන්ම 2025 වසරේ මුල් භාගයේදී පිරිමින් අතර පරිගණක සාක්ෂරතාව සියයට 39.9 ක් සහ කාන්තාවන් අතර සියයට 37.1 ක් ලෙස දැක්වේ.

    සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ ස්ත්‍රී සහ පුරුෂ පර්ශ්ව අතර එම පරතරය කුඩා අගයක් ලෙසය.

    වයස අවුරුදු 15 සිට 19 දක්වා තරුණයින් සියලුම වයස් කාණ්ඩ අතර ඉහළම සාක්ෂරතා අනුපාතය සියයට 75.6 ක් ලෙස වාර්තා වේ.

    අධ්‍යාපන මට්ටම් ඩිජිටල් කුසලතා සමඟ දැඩි ලෙස සම්බන්ධ වී ඇති අතර, උසස් පෙළ හෝ ඊට වැඩි සාමාන්‍ය සහතික පත්‍රය දක්වා අධ්‍යාපනය ලැබූ අය පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 78.6 ක් ලෙස වාර්තා කර ඇත.

    ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාක්ෂරතාව ඇති අය අතර පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය මනිනු ලබන්නේ වයස අවුරුදු 5 ත් 69 ත් අතර ජනගහනයෙන් තමන්ටම පරිගණකයක් භාවිතා කළ හැකි ප්‍රතිශතය ලෙස ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.